හරිතාගාර වායු මූලාශ්‍ර අතරින් වැඩිම ප්‍රතිශතයක් බැටළුවන් සහ ගවයින් මුදා හරින වාතය බවට අනාවරණය වීම හේතුවෙන්,
බැටළුවන් සහ ගවයින් මුදා හරින වාතය (burps) වෙනුවෙන් බද්දක් ක්‍රියාවට නැංවීමට නවසීලන්තය සැලසුම් සකස් කර තිබෙන බවට වාර්තා වෙයි.
මෙම සත්වයින් නිකුත් කරන මීතේන් වායුව වෙනුවෙන් සත්ව හිමිකරුවන්ගෙන් බද්දක් අය කරන පළමු රට බවට නවසීලන්තය පත්වනු ඇත.
එරට නවසීලන්තයේ ජනගහනය මිලියන 5ක් වන අතර, ගවයින් මිලියන 10ක් සහ බැටළුවන් මිලියන 26ක් එරට වාසය කරන බව ඇස්තමේන්තු කර තිබෙන අතර,
එරට නවසීලන්තයේ මීතේන් වායුවෙන් 50%ක ප්‍රතිශතකයක් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් හරහා සිදුවන බව හඳුනාගෙන ඇත.