තමන්ට මහ නායක හිමිවරු එල්ල කරන චෝදනා බොරු.!

මහනුවර දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ වාසය කරන බව තමන් පිළිගන්නා බව කුරුණෑගල පොතුහැර ජානක සේනාධිපති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

පොතුහැර ප්‍රදේශයේ තමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාජ දළදා මාලිගාවක් ඉදි කරන බවට මහ නායක හිමිවරුන් විසින් එල්ල කරන එම චෝදනාව නිවැරදි නොවන බව ජානක සේනාධිපති සදහන් කරයි.

කුරුණෑගල පොතුහැර අලුතින් ඉදිකරන්නේ දළදා මාලිගාවක් හෝ එහි අනුරුවක් නොව ගෞතම බුද්ධ මන්දිරයක් බවත් නාථ දේවාලයක්ද එහි පවතින බවද ජානක සේනාධිපති සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close