රටේ පසුගිය කාලසීමාවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සුදු වෑන් මාධ්‍ය හමුවට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ගමගේ අතුල සංජීව මදනායක (උණ්ඩියෙල් අතුල) නම් පුද්ගලයාය.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ පෙතියාගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
මෙම මියගිය 42 හැවිරිදි පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ගැටුමෙන් තුවාල ලැබු තවත් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත.
රටේ සිදුකළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන අතුල සංජීව නැමැත්තා මේ වන විට පොලිස් ආරක්ෂාවට යටතේ ප්‍රතිකාර ලබමින් ඇත.