මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කරයි.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරයි.අදාළ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබීය.