රට තුළ අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉදිරි යල කන්නයේදී වී කිලෝවක මිල රුපියල් 200 දක්වා වුවද ඉහළ යා හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සදහන් කළේය.
මෙම වී ඉහළ යාම හේතුවෙන් හාල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ යාමට ද ඉඩ ඇති බවයි කෘෂිකර්ම ලේකම්වරයා සදහන් කළේය.මෙරටට සහල් ආනයනය කිරීමට වඩා රසායනික පොහොර ගොවීන්ට ලබාදීම වඩාත් ලාභදායක බවයි එහිදී සදහන් කළේය.
මෙරට යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කර ඇත.අදාළ පොහොර මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත.