මෙරට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටට කළ අපරාධය හේතුවෙන් ඔහු සිරගත කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.
අතුරලියේ රතන හිමි මේ බව සඳහන් කළේ, ”රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?” යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයින් කොළඹදී අද (12) පැවැත්වූ සම්මන්ත්‍රණයකදීය.
අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි,
“බැසිල් අද ගෙදර ගිහිල්ලා. එයාට කිසිම වගකීමක් නැහැ දැන්. පවුල් දේශපාලනය මෙහෙයපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගිහිල්ලා තියෙනවා.
රටේ ජනතාවට මෙහෙම ඉරණමක් අත්වෙලා තියෙද්දි. මිනිහෙකුට මෙහෙම රට යන්න පුළුවන්ද? මේ හිටපු මුදල් ඇමති හිරේ යන්න ඕනේ. මේ කරපු අපරාධයට.
නමුත් අපි ඒ ගැන සාකච්ඡාවක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් තියලා හිනාවෙලා ගෙදර යනවා.”