අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණ ඇත.
අද (29) දින අවසන් වූ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ලකුණු සටහන ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 64ක් සමගින් බවද සදහන් කරයි.
ප්‍රසාද ලකුණූ 132ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.
එම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 99ක් ලබා දෙවන ස්ථානය හිමි කර ගැනීමට ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.