මෙරට වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් අද වන විට ශ්රී ලංකාව ආර්ථික, සමාජයීය යන සියලු අංශයන්ගෙන් දැඩි පරිහානියකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් සදහන් කළේය.
මෙරට දරුවන්ගෙන් 10%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් සහ කාන්තාවන් ලිංගික ශ්රමිකයන් බවට පත්වීමේ වැඩි ප්රවනතාවකුත් මෙම ආර්ථික අර්බුදය හමුවේ රට තුළ නිර්මාණය වී ඇති බව ද මන්ත්රීවරයා සදහන් කළේය.