වයස 18 සම්පුර්ණ අයට ලැබෙන දේ මෙන්න.

මෙරට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවූ වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ තරුණ තරුණියන්ගේ තාවකාලික ලේඛනයක් ග්‍රාම නිලධාරීන් මගින් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

හේතු වී ඇත්තේ නියමිත කාලය වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ හොත් මෙම තරුණ තරුණියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට.

මෙරට මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ මෙම යෝජනාවට කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.

තරුණ තරුණියන් අවස්ථා දෙකක ලියාපදිංචි වී තිබුණොත් පරිගණක පද්ධතිය මගින් එක් ලියාපදිංචි වීමත් අවලංගු කළ හැකි බවද කොමිසමේ නිලධාරීන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමටද මෙහිදී තීරණය කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close