මෙරට කැබිනට් අමාත්‍ය තනතුරු හිමි නොවූ හිටපු කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා දරුණු ලෙස විවේචනය කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා මීට පෙර පැවති කැබිනට් මණ්ඩලයේ ප්‍රබල අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අය බව වාර්තා වේ.
ඔවුනට වඩා ජ්‍යෙෂ්ඨත්වය අතින් පහළින් සිටින අයට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන්ද කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ.
නව අමාත්‍යධුර නොලැබීම හේතුවෙන් ඔවුන් ප්‍රසිද්ධියේම බොහෝ ස්ථානවල ජනාධිපතිව ඉලක්ක කර විවේචනය එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.