තව දින කිහිපයකින් රටේ ජනතාවට වාහන නැතිව පයින් යන්න වෙනවා.රජයේ ප්‍රබලයෙක් කියයි.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා අද (18) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ  ස්ථාපනය කරන ලද ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට එක් වුයේය.

විවෘත කිරිමේ අවස්තාවට විශේෂ අරාධිතයා වශයෙන් එක් වු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුල මේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වන අවධානමක සිටින නිසා ජනතාවද ඉන් මිදිමට විශාල කැප කිරිමක් සිදු කල යුතු බවයි.

රටේ වි අස්වැන්න නෙලා ගැනිමේදි ගොවියන් 99%  අස්වැන්න නෙලා ගැනිමට යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන නිසා ඉදිරියේදි ඒ සදහා විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඉන්ධන සොයාගැනිමට මේ වන විට ගැටළුවක් මතු වි ඇති නිසා අස්වැන්න නෙලා ගැනිමට යුධ හමුදාවේ සහ දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රමදායකත්වයක් ලබා ගැනිමේ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සදහන් කළේය.

රටේ පවතින තත්ත්වය මත තව දින කිහිපයක් තුල ජනතාවට පුද්ගලික වාහන වලින් පොදු ප්‍රවාහන සේවා වලින් බැහැර වි පයින් ගමන් කිරිමට හෝ පැරණි සම්ප්‍රදායට අනුව ගමන් බිමන් යාමට සිදු විමේ අවධානමක් මතු වි ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close