මෙරට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වුයේය.
එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද අගමැතිවරයා සදහන් කළේය.
එරට ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි .