මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා හෙට(21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් ධම්මික පෙරේරා පසුගිය ජූනි 22 වැනිදා පාර්ලිමේන්තුවට පිවිසුණේය.
මෙරට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජූනි 24 දිවුරුම් දුන් ධම්මික පෙරේරා ජූලි 10 වැනි දින ඉල්ලා අස්විය.ධම්මික පෙරේරා අමාත්‍ය ධුරය හෙබවූයේ දින 16ක් වැනි කෙටි කාලයක් වේ.