නව බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර ඇත.
විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.