විදේශිකයාගේ බල්ලා පුද්ගලයින් 05 දෙනෙකුගේ සපා කයි.. විදේශිකයා අත්අඩංගුවට.. බල්ලා පිස්සු හැදී මියයයි.!

කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් පස්දෙනකුව සපාකැ බෙන්තොට ප්‍රදේශයේ පදිංචිව විදේශිකයෙකු ඇති දැඩි කළ සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගිය පසු එම ප්‍රංශ ජාතිකයා (02) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.

මෙම සැකකරු විසින් ග්‍රෙඩන් සුනඛ වර්ගයට අයත් අවුරුදු 6 ක් පමණ වයසැති ලැකී නැමැති බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර, බැල්ලිය ඉකුත් 23 දා එම නිවසින් පැන ගොස් පුද්ගලයින් පස් දෙනෙකු සහ නිවාස වල ඇති කරන සුනඛයින් තිදෙනෙකු සපා කා ඇත.

මේ වන විට එම බැල්ලිය සපා කා තිබෙන නිවාස වල ඇති කළ සුනඛයන් දෙදෙනාද මිය ගොස් ඇති බවත් බෙන්තොට ,අංගාගොඩ, ලිපිනයේ පදිංචි එරික් මාර්ෂල් බර්නාඩ් ගෝල්මාන් නැමැති 84 හැවිරිදි ප්‍රංශ ජාතිකපුද්ගලයකු අනතුරුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් එම සැකකාර ප්‍රංශ ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close