දිවයිනේ පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් අදාළ චක්‍රලේඛය නොබෝ දිනකින් නිකුත් කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කරයි.
එම අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බවත් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලට පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිත බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
ඒ අනුව දැනට පවතින 1 – 5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6 – 11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් ගණන 45ක් ලෙසත් නව ක්‍රමවේදය යටතේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට නියමිතය.