අලුත උපන් බිළිදියක් ඝාතනය කර සැගවීමේ පුවතක් තෙරිපැහැ ප්‍රදේශයෙන් වාර්තා වේ.
23 හැවිරිදි මවක් විසින් එම පුංචි බිළිඳිය ඝාතනය කර එම සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළතුළට දමා සැඟවා ඇත.
එම කාන්තාව උදරයේ තදබල වේදනාවක් ඇති බව කියමින් තෙරිපැහැ රෝහලට ඇතුළත්ව ඇති අතර අනතුරුව මෙම කාන්තාව රෝහලෙන් පලාගොස් ඇත.
පසුව වෛද්‍යවරයා මේ බව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දී ඇති අතර සෞඛ්‍ය නිලධාරිනිය ඇගේ නිවසට ගොස් කරලද සොයා බලා ඇත.
අනතුරුව මල්ලක් තුළට දමා වැසිකිලි වල සඟවා තිබූ බිළිදියකගේ මළසිරුර දැක ඒ බව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම් දී තෙරිපැහැ පොලිසිය විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.