කවුරුත් දැකලා නැති අරුම පුදුම හාස්කමක්.. විශාල ජනතාවක් පෝලිමේ බලන්න යයි.!

යාපනයේ පුතූර් නවගිරි ප්‍රදේශයේ එළු ගාලක (31) වැනිදා වෙනස්ම එළු පැටවකු බිහි වී ඇති අතර මෙම එළු පැටවා දැකගැනීම සඳහා අති විශාල ජනතාවක් අද දිනයේ එහි පැමිණ සිටින බව වාර්තා වේ.

අනෙක් එළු පැටවුන්ට වඩා වෙනස් මෙම එළු පැටවාගේ විශේෂත්වය වන්නේ උගේ නළල මැද තනි කුහරයක් තුළ ඇස් දෙක ලෙස පිහිටා තිබීමයි.

යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පිරිසක්ද මෙම වෙනස්ම අරුම පුදුම එළුවා නිරීක්ෂණය කර ඇති බවද වාර්තා වේ.

මෙම එළු පැටියා උපත ලබා ඇත්තේ යාපනය පුතූර් නවගිරි ප්‍රදේශයේ කන්දස්වාමි බාලකරන් නමැති ගොවි මහතෙකුගේ ගොවිපළක වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close