මෙරට සිදු වු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් සැකකරු අයිඑස් සංවිධානයේ සාමාජිකයකු ලෙසද හඳුනාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය (23) වනදා ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි මෝටර් රථයක් පුපුරවා යැමේ සිද්ධියට සෘජුවම මෙම පුද්ගලයා සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවද සදහන් කරයි.