අද (03) දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙයි.
කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටයි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණි.
තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 1-0 ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටී.