තාරකා විද්‍යාඥයින් අද (04) දිනය ගැන සදහන් කළේ, පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද වන අතර එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන් බවයි.
“පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතින බවද සදහන් කරයි.
පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ තිබුණද අද දිනයේ පොළොව සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළංව ඇති බවත් අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා සඳහන් කරයි.
තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා තවදුරටත් සදහන් කළේ,
“ජනවාරි 04 වනදාට යෙදිලා තියෙනවා අපේ පෘථිවිය උපරිම වශයෙන් සූර්යයාට ළං වෙන දිනය ඒ හින්දා මේ කාලයේ අපිට වැඩියෙන් සූර්යයාලෝකය ලැබෙන සතියක් ලෙසට මට දක්වන්නට පුළුවන්. මේ අවස්ථාවේදී ඒ අධික උණුසුමෙන් බේරීම සඳහා කුඩයක් පාවිච්චි කළහොත් නුවණට හුරුයි කියලායි මට තේරෙන්නේ.
මොකද ඒකට හේතුව තමයි අපේ ශරීරය, සමේ චර්ම රෝග ඇතිවෙන්නට පුළුවන්. එතකොට වෙන වෙන ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ එක්කම හිතලා වැඩිපුර වතුර ටිකක් බොන්න ඒක ඇඟට ගුණයි.”