මෙරට සුඛෝපභෝගී වාහන සදහා තෙල් නිකුත් කිරීම වහාම නතර කල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කළහ.
‘සුඛෝපභෝගී වාහන සදහා තෙල් නිකුත් නිරීම වහාම නතර කල යුතුයි. ඒ සියලු දෙනා පොදු ප්‍රවාහන සේවය භාවිතා කල යුතුයි. ඒ වගේම ජනතාව ඉතාමත් පිළිකුල් සහගත ලෙස තෙල් එක්රැස් කිරීම සිදු කරන නිසා අහින්සක මිනිසුන් දැඩි පීඩනයකට ලක් වෙනවා’