කොහොඔ තෙල් හා සබන් දියර භාවිතයෙන් මේ දිනවල පොල් ගස් ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා නැමැති කෘමියාගේ උවදුර අවම කර ගැනීමට හැකි බව (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ එන්.එස් ආරච්චිගේ මේ බව සදහන් කරයි.
මෙම සුදු මැස්සා යනු ඕනැම ශාකයක යුෂ උරා බොන කෘමියෙකි බවත් පොල් කොළවල යුෂ උරා බොන අතර ඉන් පොල් කොළ කහ පාට වන බවත් මොවුන් පැණි වැනි ද්‍රාවණයක් නිකුත් කරන හෙයින් ඉන් අතුවල පුස් සෑදෙන බවද සදහන් කරයි.
පොල් පමණක් නොව මිරිස්,බටු ,තාල වර්ගයට අයත් ශාකවල මෙම උවදුර දක්නට ලැබෙන බවත් මෙම කෘමි උවදුර වළක්වාගැනිම සදහා පොල් පර්යේෂණ ආයතනය විසින් දේශිය ක්‍රම හදුන්වාදී තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සදහන් කරයි.
ඉන් ප්‍රධාන ක්‍රමයක් ලෙස කොහොඔ තෙල් ලිටර් 10ක් හා සබන් කුඩු මිලිලිටර් 05 කට ජලය ලිටර් 01ක් මිශ්‍රකර ඉසින ලෙස නිර්දේශ ලබා දී ඇති අතර මෙහිදී ස්වභාවික පරිසරය මඟින් මෙම කෘමියා සඳහා විලෝපිකයින් සිටින හෙයින් ඔවුන් කෘත්‍රිම රසායනික ඉසිමෙන් මෙම අනෙක් සතුන් විනාශ වී යාමේ අවධානමක් ඇත.