මෙරට නව ජනාධිපතිවරයෙක් තෝර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදලට අවනත කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙහිදී මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් කෝටි ගණනින් මුදල් ලබාදීමට දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවල ප්‍රබල සාමාජිකයන් විසින් මෙම සාකච්චා මෙහෙයවයි.
මෙරට මුදල් පොම්ප කිරීම සඳහා දෙස් විදෙස් ධනපති ව්‍යාපාරිකයන් පිරිසකට පවරා ඇත.ලංකාවෙන් විදෙස් රටකට ගොස් සිටින ප්‍රබල ව්‍යාපාරිකයෙක්ද මුදල් ලබා දීමේ ඉහලින්ම සිටියි.