මෙරට නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා වත්මන් රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේය.
ජුනි මස 24 වැනිදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුළ ඉන්ධන බෙදා හරිම විධිමත් නොකරනු ඇතැයි ද ඔහු සදහන් කළේය.සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද සදහන් කළේය.