මෙරට විදෙස් පාස්පෝට් හිමි අයට කොවිඩ් 19 රක්ෂණාවරනයක් තිබිය යුතුය යන කොන්දේසිය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සොඛ්‍ය අංශ සදහන් කළේය.
ජනවාරි මාසයේ සිට මේ දක්වා ගමන් බලපත්‍ර තුන්ලක්ෂ පනස් දහසක් පමණ නිකුත් කර ඇතත් පසුගිය මාස හය තුල විදේශ ගතව ඇත්තේ හැටදහසක් පමණ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේය.
තම හදිසි අවශ්‍යතාවක් නොමැති නම් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මෙම කාල සීමාවේදී අයදුම් නොකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ ආගමන විගමන පාලක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.