මෙරට විපක්ෂ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා 43 සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ අතර ඇති වී ඇතැයි කියන අත යට ගනුදෙනුව මීට හේතුව බවද වාර්තා වේ.
එහෙත් චම්පික රණවක පාර්ලිමේන්තුවේ ස්වාධීන වී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙරට 21 වැනි ව්‍යවස්තා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම චම්පික ඇතුළු 43සේනාංකය එළිපිටම රනිල් සමග එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.