මෙරට ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර සති දෙකක් තුළ වාර්තාවක් දෙන්නැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත.
මෙරට ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කමිටු ස්ථාපනය කර ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී උපදෙස් ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් ඇති බව.මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිට ඇත.