ලොව මෙතෙක් බිහිවු ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ බ්‍රසීල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ නම් වු ඔහු ලොව ප්‍රකට වුයේ පේල් නම් අන්වර්ථ නාමයෙන් හැදින්වු ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවු බව වාර්තා වේ.
1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වු පේලේ 2000 වර්ෂයේදී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණේය.
15 හැවිරිදි වියේ දී බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් පේලේ ජාත්‍යන්තර තරග බිමට අවතීරණ විය.