සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) දින සවස පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය වංකඩේ ක්‍රිඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.