ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී ඇත.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මිය යන විට මොහු 53 වන වියේ පසුවු බව.ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි පිහිටි රෝහලකදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහා විද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රසංගය අතරතුර KKට අසනීපයක් තත්ත්වයක් දැනී තිබුණ ද ඔහු එය නොතකා ප්‍රසංගය අවසන් වන තුරු ඉදිරිපත් කිරීමේ නිරත වී සිට ඇත.අද ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එරට දශක තුනක කාලයක් බොලිවුඩ් චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ KK අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් වේ.