පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (02) පැවැත්වේ. පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බව.
මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව හා විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.මීළඟ පාර්ලිමේන්තු සැසිය ලබන 7 වැනි දා උදෑසන 10.00 ට පැවැත්වේ.