පසුගිය වසරේ ඇතිවු කලහකාරී තත්ත්වය හේතුවෙන් දේපළ අහිමි වු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සදහා නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටීමට ලබාදුන් කාලය මෙම වසරේ අවසන් බව දැනුම් දී ඇත.
නිවාස ඇතුලු දේපළ අහිමි වු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් දැනුම් දී ඇත.
තවදුරටත් මන්ත්‍රීවරුන් එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කරන බවත් එම නිවෙසකට මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වන බවද බලධාරීන් දැනුම් දී ඇත.
අවශ්‍යනම් එම නිවාස මිලදී ගැනීමට හැකි බවත් දැනටමත් මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට සුදානම් බවත් මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වන බවද වාර්තා වේ.