ඉන්ෆ්ලුවන්සා රෝගීන් වැඩිවෙයි
මෙරට රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.මෙරට පසුගිය අප්‍රේල් මාසය සිට මේ දකවා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති බව ද වෛද්‍ය කපිල කන්නංගර සදහන් කරයි.
වාර්ෂිකව මෙරටින් මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ යන බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.
පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා “ඒ” වෛරසය බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.
“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එකක් දෙකක් වගේ සෙම් පටල නියැදි හම්වෙලා තියෙනවා. කලවානේ තමයි වැඩිපුර සෙම්පටල ඇවිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවන්සා “ඒ” කියලා හඳුනාගෙන තියෙනවා.
සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් ඒක උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් ඇඟපත වේදනාවක් තියලා දවස් තුන හරකින් සාමාන්‍යයෙන් හොඳවෙනවා. නමුත් විශේෂයෙන් ගැබිනි මව්වරුන් හා වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වෙනවා. ඒ වගේම කුඩා ළමුන්.”