ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට අද (04) දින දැනුම් දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බවයි.
එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
තවද එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී හමු වූ අවස්ථාවේදීය.