කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමකට අනුව ජනපති විසින් පොලිස්පතිට අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට නියමිතය.