ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ රුපියල් 250,000ක් පමණ වටිනා GI බට තොගයක් සොරකම් කිරිමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ප්‍රදේශවාසීන්ගෙන් ලද ඔත්තුවක් මත කල වැටලීමකදීය.
අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා එළඹෙන ජනවාරි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.