රටේ පාසල්වල පවතින ආපනශාලාවල හා පාන් පිටි ආහාර හා පැණි බීම වර්ග තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමේ නව වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
මෙම නව වැඩපිළිවෙළ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර ඇති බවද වාර්තා වේ.