ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශුරතාව හිමිකරගනී.!

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව ඊයේ (29) දින දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර ඒ වට 2 – 0ක් ලෙස තරගය ජය ගනිමින්ය.

2022 මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි දෙදෙනාය.

පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කළ අතර උස්බෙකිස්ථානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අවසන් තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ වට දෙකම ලකුණු 21 – 0ක් ලෙස ජය ගැනීමට දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි දෙදෙනා සමත් විය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close