විදුලි සැපයුම විසන්ධි නොකර ඉන්නැයි ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලැබී ඇති නමුත් රටේ මුදල් තත්ත්වය ඊට බලපා ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සදහන් කරයි.
පවතින එම තත්ත්වය මත උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදීද විදුලි කප්පාදුව වැළැක්වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අමතරව රුපියල් බිලියන 05ක් දැරීමට සිදුවන බව තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවත් එම මුදල ගෙවීම සඳහා මණ්ඩලයට මුල්‍ය ශක්තියක් නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එම රුපියල් බිලියන 05ක මුදල් නොගෙවා ණයට ඉන්ධන ලබාගත හොත් සිදු වන්නේ රට පුරා නැවතත් ඉන්ධන පෝලිම් යුගයකට අවතීර්ණ වීම බවද අමාත්‍යවරයා සදහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සංශෝධන යෝජනාවට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින්නේ නැවතත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වීම වැළැක්වීමට බවද අමාත්‍යවරයා සදහන් කරයි.