චූන් පාන් ත්‍රීරෝද රථයකින් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා ත්‍රීරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග දරුවා කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳීසිටින විට චූන් පාන් ත්‍රීරෝද රථයක හඬ ඇසී මෙම දරුවා බනිස් ගෙඩියක් මිලදී ගැනීමට ගිය විට එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම දරුවා පොළොවේ ගසා ඇත.
පසුව තුවාල ලැබූ දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් විසින් සිද්ධිය ගැන සැක සිතී දඹුල්ල රෝහල් පොලීසියට දැනුම්දී ඇත.