රටේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව උප කුලපති, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූහ.
පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි තවදුරටත් සදහන් කළේ,
“පනත සංශෝධනය කරන්න කියලා.. මහානායක හාමුදුරුවරු හතරනම ම හමුවුණා. උන්වහන්සේලාගේ අනුශාසනා ලැබුණේ පනත සුදුසු පරිදි වෙනස් කරන්න. ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කරනවා.
උන්වහන්සේලා අදහස් කරගෙන ඉන්නේ.. ගිහි ළමයි ඉන්න නිසා තමයි මේ වගේ තත්ත්වයක් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා අපිට මේකට මොනවත් කියලා නැහැ. එතුමාගේ සම්බන්ධයක් නැහැ.”