දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා දර්ශන (CCTV) සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් හෝ ආයතන වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර ඇති බව වාර්තා වේ.
ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී බොරැල්ල පොලීසිය විසින් සොයාගත් උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදී ඇත.
එම උපකරණ සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) දින අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර අනතුරුව අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය විසින් අදාළ අවසරය ලබාදී ඇත.