මෙරට වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ,පාසල් ළමුන් ප්‍රවාහන රථ, පෞද්ගලික බස් රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ සලාක ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට සැලසුම් කර ඇති බවයි.අදාළ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් කරයි.
මෙම අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්විය.වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් දෛනිකව ඉන්ධන නිකුත් කිරීමට එකඟතාව පළකළ බව සමස්ත ලංකා ප්‍රවාහන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජේ. ඉමාම්ඩීන් සඳහන් කළේය.