මෙරට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඊයේ දිනයේදී පත්කරන ලද ධම්මික පෙරේරා අද (11) දිනයේදී තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද ධම්මික පෙරේරා දිවුරුම් දෙනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.