විවෘත කල සැනින් පාලමක් කඩා වැටෙයි.

අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක් විවෘත කළ සැණින් කඩා වැටී ඇති පුවතක් මෙක්සිකෝවේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම අනතුරෙන් එම පාලම විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙක් තුවාල ලබා ඇති අතර අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලම කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ලෑලි සහ යකඩ දම්වැල්වලින් ඉදිකර තිබූ අතර පාලම දම්වැල්වලින් ගැලවී ගොස් ඇත්තේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටියදීය.

මෙම පාලම කඩා වැටෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close