මෙරට ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත්තේ, ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්විමකදීය.ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කර ඇත.
මෙරටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත.ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එහිදි දිර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.