ඓතිහාසික මිහින්තලා පුද බිමේ පිහිටි අනුලා චේතියේ සිදු කරන කැණීම්වලදී හමුවු ඓතිහාසික පුරා විද්‍යා වටිනාකමකින් යුත් ,ධාතූන් වහන්සේලා ,ආභරණ ,ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අනුලා චෛත්‍යය අබියසදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරයි.
ශ්‍රී ලංකාවේ සෑම ස්ථානයකම වෙසෙන මෙහෙණින් වහන්සේලාට එය දැක වැඳ පුදා ගැනීම සඳහා (26) දින ඉඩකඩ විවෘත කර ඇති බව, මිහින්තලා රජ මහා විහාරාධිපති ආචාර්යය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ඒ මාස කිහිපයක් මුළුල්ලේ පුරාවිද්‍යා නිලධාරින් සිදු කළ කැණීම්වලදී පළිඟු කරඬු ,ශෛලම මංජුසා ,ආභරණ, විවිධ පබළු වර්ග ,ධාතූන් වහන්සේලා හා එවැනි දෑ තැන්පත් කර තිබූ විවිධ ආකාරයේ භාණ්ඩ රැසක් හමු වී ඇත.
හමුවු ඒ සියල්ලම අනුලා චෛත්‍යය අසල පිහිටි ඉතාමත්ම සුරක්ෂිත ආකාරයෙන් කුටියක් ඉදි කර මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.