චීනයේ වයඹ දිග ෂින්ජියැන්ග් පළාතේ රත්රන් පතලක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙකු සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පතල කඩා වැටෙන අවස්ථාවේ පතල්කරුවන් 40 දෙනෙකු ඒ තුළ සිට ඇති බවත් ඉන් 22 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙසු පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පතල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.