නව වසරේ පෑලියගොඩ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට ගිය සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට සේවකයන් විසින් කිරිබත්, කැවුම් හා කැවිලි වර්ග වලින් (02) එකදිගට පහරදී ඇත.
ව්‍යාපෘතිකට බඳවා ගත් සේවකයන් 40ක පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වීමත්, සේවකයන්ට ලබාදී ඇති නිල නිවාස වලින් සේවකයන්ව ඉවත් කිරීමට යාමත්, එම නිල නිවාසවලට එන අසීමිත විදුලි හා ජල බිල්පත්වලටත් මෙම නිලධාරින් දෙපළම වගකිව යුතු බව කියමින් සේවකයන් මෙම ප්‍රහාරය එල්ලකර ඇත.
අනතුරුව ඔවුන් දෙදෙනා මගනැගුම කාර්යාලයේ කුටියක් තුළ පැය දෙකක කාලයක් සිරවී සිටි බවත් අනතුරුව පෑලියගොඩ පොලිසියේ මැදිහත්වීම මත ඔවුන්ව එම කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙන බවද වාර්තා වේ.
සේවකයින් දැඩි විරෝධය පලකිරීම මත උදෑසන සංවිධාන කර තිබූ අලුත් අවුරුදු සාදය නොපැවැත්වුණු අතර එම සේවකයන් විසින් ඉතිරි වී තිබූ කිරිබත් හා කැවිලි වර්ග අනුභව කරමින් අලුත් අවුරුද්දට සුබ පැතුම් එක්කරගෙන ඇති බවද වාර්තා වේ.